දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සිට කොළඹ දෙසට ධාවනය වූ ලිට්රෝ සමාගමට අයත් හිස් ගෑස් ටැන්කි ප්රවාහනය කළ ලොරි රථයක් අද (07) අනතුරට පත්ව තිබේ. අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 76/5 කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කරන්නේ රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු රථයේ ගමන් කර ඇති අතර, ඉන් එක් අයෙකු සුළු තුවාල ලබා තිබේ.
අධිවේගී මාර්ග පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන අතර, අනතුරට පත් වාහනය ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත. වාසනාවකට මෙන් එම අවස්ථාවේදී වෙනත් වාහන සමඟ ගැටීමක් සිදු නොවීම නිසා විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.














