දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන මගී ජනතාව සහ රියදුරන් සඳහා ප්‍රවාහන හා මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ. ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු අතර කොටසේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට එනම් පෙබරවාරි 18 වන දින සිට එම මාර්ගයේ මංතීරු වරින් වර වසා තැබීමට නියමිතය.
මේ හේතුවෙන් සිදුවිය හැකි අනවශ්‍ය ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ගමන් මාර්ගය භාවිතා කරන පිරිස් සිය ගමන් සැලසුම් කල්තියා සූදානම් කරගන්නා ලෙස අදාළ අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි. මාර්ග නඩත්තු කටයුතු සිදුවන කාලසීමාව තුළ විමසිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසද බලධාරීන් උපදෙස් ලබා දෙයි.














