එලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් (SpaceX) සමාගම ඉතිහාසයේ විශාලතම මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා වන මූලික සැලසුම් ඊයේ (06) රාත්‍රියේ සිය බැංකුකරුවන්ගේ කණ්ඩායම වෙත ඉදිරිපත් කර තිබේ මෙම කොටස් නිකුතුවේදී සාමාන්‍ය සිල්ලර ආයෝජකයන් (Retail Investors) සඳහා පෙර නොවූ විරූ ඉඩකඩක් වෙන් කිරීමට සමාගම තීරණය කර ඇති අතර ජූනි මාසයේදී ඒ සඳහා වන විශේෂ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිතය ස්පේස් එක්ස් සමාගමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.75 ක් දක්වා ඉහළ නංවමින් ඩොලර් බිලියන 75 ක ප්‍රාග්ධනයක් රැස් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ
සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී බ්‍රෙට් ජොන්සන් පවසන්නේ එලොන් මස්ක් සහ ස්පේස් එක්ස් සමාගම කෙරෙහි දිගුකාලීනව විශ්වාසය තැබූ සාමාන්‍ය ජනතාවට මෙම දැවැන්ත ව්‍යාපාරයේ කොටස්කරුවන් වීමට අවස්ථාව ලබාදීම තමන්ගේ අරමුණ බවයි මැදපෙරදිග පවතින ඉරාන-ඇමෙරිකානු යුදමය වාතාවරණය සහ ලෝක වෙළඳපොළේ පවතින නොසන්සුන්කාරී බව හමුවේ වුවද ස්පේස් එක්ස් සමාගම මෙවැනි දැවැන්ත පියවරක් තැබීම මූල්‍ය විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ විශේෂයෙන්ම අභ්‍යවකාශ තාක්ෂණය සඳහා පවතින ඉල්ලුම සහ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවන්හි වර්ධනය මෙම ඉහළ වටිනාකමට හේතු වී ඇත
පසුගිය මාසයේදී ද රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ස්පේස් එක්ස් සමාගම සාම්ප්‍රදායික කොටස් නිකුතු ක්‍රමවේදයන් වෙනස් කරමින් නව ආකෘතියක් හඳුන්වා දීමට සූදානම් වන බවයි ජූනි මාසයේදී පැවැත්වෙන විශේෂ උත්සවයක් සඳහා ආයෝජකයන් 1,500 කට ආරාධනා කිරීමට ද සැලසුම් කර ඇත හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම සහ ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දී සිටියද තාක්ෂණික සහ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පවතින මෙවැනි දැවැන්ත පිම්මක් ආයෝජකයන් තුළ යම් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත්ව තිබේ













