වෛද්‍යවරුන්ගේ සේවා අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් ඔවුන් සඳහා ඉදිරියේදී විශේෂිත ඉන්ධන කෝටාවක් හඳුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. අද (16) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වෛද්‍යවරුන් වැනි සුවිශේෂී වෘත්තිකයන් සහ අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල යෙදෙන වාහන සඳහා දැනට පවතින පොදු ඉන්ධන සීමාවන් වෙනස් කරමින් නව චක්‍රලේඛයක් ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කරන බවයි.
වර්තමාන QR පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී මතු වී ඇති තාක්ෂණික ගැටලු තාවකාලික බවත්, ඒවා ඉදිරි දින කිහිපය තුළ විසඳෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පොදු මගී ප්‍රවාහන සහ සාමාන්‍ය වාහන සඳහා ක්‍රියාත්මක වන නිශ්චිත ඉන්ධන අගයන් වෛද්‍යවරුන් වැනි අත්‍යවශ්‍ය සේවා සැපයීමේ නිරත පිරිස් වෙත පමණක් ආදේශ කිරීම රජයේ අපේක්ෂාව නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.














