විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) කොළඹ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ අති ගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණගැසුණි. මෙම හමුවේදී විපක්ෂ නායකවරයා විසින් වත්මන් රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් කරුණු කිහිපයක් උන්වහන්සේ වෙත ඉදිරිපත් කරන ලදී.
විශේෂයෙන්ම රජය විසින් බුදු දහමට සහ මහා සංඝරත්නයට සිදු කරන අපහාසයන් මෙන්ම, ජාතිවාදය ඉස්මතුවන ආකාරයේ මතවාද සමාජගත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සිය දැඩි අවධානය යොමු කළේය. අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විපක්ෂ නායකවරයා නායක ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළේය.














