2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (25) පැවැත්වෙන තීරණාත්මක තරගය නිමිත්තෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර තිබේ. හෙට පස්වරු 7:00 ට තරගය ආරම්භ වීමට නියමිත අතර, විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් රථවාහන තදබදය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත. ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, පොලිසිය ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.















