ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැවින් එය වහාම කඩිනම් කරන ලෙස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා ජායා පර්යන්තයේ සිදු කරන ලද හදිසි නිරීක්ෂණයකදී මෙම උපදෙස් ලබා දෙන ලදි.
එහිදි එම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු වල ප්‍රමාදයන් ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා මුහුද පිරවීමේ සහ පර්යන්තය ඉදිකිරීමේ කටයුතු බාර දී ඇති චීන සමාගම වහාම කැදවා ගිවිසගත් දින වකවානු වලට මෙම ව්‍යාපෘතිය නිම කරන ලෙසට වහාම දන්වන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදි.
දැනට දිගින් මීටර 1260 වන ජායා පර්යන්තය සංවර්ධනය කිරීමෙන් අනතුරුව දිගින් මීටර 1380 වන අතර එවිට මීටර 360 දිග නෞකා දෙකක් එකවර නැංගුරම්ලෑමට හැකිවනු ඇත.දැනට මෙම ජායා පර්යන්තයේ වසරකට බහාලුම් ලක්ෂ 20 ක් පමණ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර සංවර්ධන කටයුතු නිම කිරිමෙන් පසු තවත් බහාලුම් ලක්ෂ 10 ක් පමණ මෙහෙයුම් කටයුතු සිදුකළ හැකි බව වරාය සේවකයින් අමාත්‍යවරයාට පැවසීය.