හෙරොයින් සහ අයිස් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් 2024 වසරේදී පමණක් වයස අවුරුදු 21ට අඩු පුද්ගලයන් සහ පාසල් යන වයසේ දරුවන් 7,950ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය.
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම සමාජීය වශයෙන් බරපතල තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.














