විවිධ ආයතන විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා කුලියට ලබාගෙන රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව නවතම විගණන වාර්තා මගින් අනාවරණය වී තිබේ. වසර 6ත් 21ත් අතර කාලසීමාවකදී එකතු වී ඇති මෙම කුලී ආදායම 2024 වර්ෂය අවසාන වනවිටත් අයකර ගැනීමට කටයුතු කර නොමැති බව එම වාර්තා පෙන්වා දෙයි.
තවද, ගුවන් හමුදාව සතු ඉඩම් හෙක්ටයාර් 639ක් සහ ගොඩනැගිලි 7ක් නීත්‍යානුකූල අයිතිය පවරා ගැනීමකින් තොරව පරිහරණය කර ඇති බවත්, ඉඩම් පවරා ගැනීමේ කටයුතු ඉතා මන්දගාමී මට්ටමක පවතින බවත් විගණන වාර්තාවල සඳහන් වේ.
















