2025 වසරේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අපේක්ෂකයින් 30,898 දෙනෙකු සියලුම විෂයයන් අසමත්ව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කර තිබේ. මෙම පිරිස අතරට පාසල් අයදුම්කරුවන් 19,301ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 11,597ක් ඇතුළත් වන බව වාර්තා වේ.














