නව අනුරාධපුර සහ වව්නියාව යන ප්‍රදේශවල විදුලි සැපයුමේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (05) දහවල් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි සැපයුම ඇණහිටි බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. මෙම දෝෂය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ සංඛ්‍යාත වෙනස් වීම (Frequency Variation) නිසා කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරයේ වාෂ්ප තලබමන යන්ත්‍රය ද ස්වයංක්‍රීයව අක්‍රීය වී තිබේ.
මෙම අක්‍රීය වීමත් සමඟ ජාතික පද්ධතියට මෙගාවොට් 55ක ධාරිතාවක් අහිමි වීම විදුලිය බිඳවැටීමට සෘජුවම බලපා ඇත. කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ කඩිනම් මැදිහත්වීම මත විනාඩි කිහිපයක් ඇතුළත දෝෂය නිවැරදි කර විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව බලධාරීන් වැඩිදුරටත් තහවුරු කරයි.














