පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙකු දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඊයේ (08) දින ප්‍රකාශයට පත් කරන ලද මෙම පත්වීම් ලේඛනයට අනුව, අදාළ වෛද්‍යවරුන් අද (09) සිට අප්‍රේල් 11 වනදා දක්වා කාලය තුළ තමන්ට නියමිත සේවා ස්ථානයන් වෙත වාර්තා කළ යුතුය.
දිවයින පුරා පවතින වෛද්‍ය හිඟයට විසඳුමක් ලෙස, කුසලතා ලේඛනය (Merit List) සහ පවතින අවශ්‍යතාවයන් මත පදනම්ව ඉතා විනිවිදභාවයකින් යුතුව මෙම පත්වීම් ලබා දී ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි. මෙලෙස නවක වෛද්‍යවරුන් සේවයට එක්වීම තුළින් පවතින වෛද්‍ය වර්ජන සහ සේවක හිඟය මධ්‍යයේ රෝහල් පද්ධතියේ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.














