මෙරට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය විසින් ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිත භාවිත කළ පත්ල පහත් (Low-floor) බස් රථ 08ක් භාර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ජපාන විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයා අතර පසුගිය වසරේ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදානය හිමිව ඇත.
මෙරට පොදු ප්‍රවාහන අංශය නංවාලීම සඳහා ජපානයට සහය විය හැකි ආකාරය පිළිබඳව පසුගිය වසරේදී අවධානය යොමු විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සමඟ පවත්වන ලද අඛණ්ඩ සාකච්ඡාවලින් අනතුරුව මෙම බස් රථ ප්‍රදානය ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.
පත්ල පහත් (Low-floor) බස් රථ භාවිතයට ගැනීම හරහා ආබාධිත තැනැත්තන්ට, වැඩිහිටියන්ට සහ ගර්භණී මාතාවන්ට වඩාත් පහසුවෙන් බස් රථවලට ගොඩවීමට සහ බැසීමට අවස්ථාව සැලසේ. මෙය මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය වඩාත් ඇතුළත් සහ පහසුකම් සහිත සේවාවක් බවට පත් කිරීමට රජය දරන උත්සාහයේ තවත් එක් පියවරකි.














