සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට (08) සිට අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක වන විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික බස් සේවා එක්ව මෙම සේවාවන් මෙහෙයවනු ලබයි.
මෙම කාලසීමාව තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් ලක්ෂ 15කට ආසන්න මගීන් පිරිසක් පිටත්ව යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් දෛනිකව අතිරේක පෞද්ගලික බස් ගමන්වාර 800ක් යෙදවීමට පියවර ගෙන ඇත. මීට අමතරව කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්‍ය ගමන්වාරවලට අමතරව විශේෂ දුම්රිය සේවා ද ක්‍රියාත්මක වේ. මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් පර්යන්තවල සනීපාරක්ෂක පහසුකම්, ප්‍රථමාධාර සහ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක අතර, ඕනෑම පැමිණිල්ලක් හෝ තොරතුරක් ලබාදීම සඳහා 1955 ක්ෂණික ඇමතුම් අංකය හෝ 071 259 55 55 වට්ස්ඇප් අංකය පැය 24 පුරා විවෘතව පවතී.













