දිවයිනේ පළාත් කිහිපයකට අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරු-මැද පළාත්වල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට සවස 02.00 න් පමණ පසුව මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක්ද හටගත හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා උපරිම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.














