ජාත්‍යන්තර සංග්‍රාමික තරගාවලියක් වන “9th Pakistan Army Team Spirit Competition – 2026” හිදී විශිෂ්ට දක්ෂතා දක්වමින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්ව තිබේ. මිත්‍රශීලී විදේශීය රටවල් 19 ක කණ්ඩායම් ද ඇතුළුව මුළු කණ්ඩායම් 24 ක් සමඟ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම, මෙහිදී සුවිශේෂී උපායශීලී කුසලතා සහ ශාරීරික දරාගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කර ඇත.
පසුගිය වසරේදී රිදී පදක්කමකට හිමිකම් කී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම, මෙවර එම ජයග්‍රහණය අභිබවා යමින් දෙවන වරටත් රන් පදක්කම දිනා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයකි. යුද හමුදා කණ්ඩායමේ කායික ශක්තිය, ක්ෂණික ක්‍රියාකාරීත්වය සහ මානසික සූදානම ඉහළම ප්‍රමිතියෙන් පරීක්ෂාවට ලක් කෙරුණු මෙම අභියෝගාත්මක තරගාවලිය පුරාම ඔවුන් කැපී පෙනෙන හමුදා කුසලතා පෙන්නුම් කර තිබේ.














