ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ජාතික සංවර්ධනයට සක්‍රියව දායක කර ගැනීම සහ ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාර බිහිකිරීම අරමුණු කරගනිමින් “Sri Lanka Brand Forum” (SLBF) වේදිකාව නිල වශයෙන් ආරම්භ කර තිබේ. ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශයට පත් කෙරිණි.
වර්තමාන සංකීර්ණ සහ අවිනිශ්චිත (BANI) ලෝකය තුළ ව්‍යාපාර යනු හුදෙක් ලාභය පමණක් උපයන ආයතන නොවන බවත්, ඒවා විශ්වාසය සහ ප්‍රගතිය ගොඩනඟන ආයතන බවට පත්විය යුතු බවත් මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා බ්‍රෑන්ඩ් ෆෝරම් හි සභාපති ෂරිෆුල් ඉස්ලාම් (Shariful Islam) මහතා අවධාරණය කළේය. එසේම මෙහි සම-නිර්මාතෘ රොහාන් සෝමවංශ (Rohan Somawansa) මහතා පෙන්වා දුන්නේ මෙමඟින් ශ්‍රී ලංකාවේ පවතින සැබෑ විභවය නිසි නායකත්වයක් යටතේ ඉදිරියට ගෙන යාමට හැකි වන බවයි.
මෙම සමාරම්භක වැඩසටහන්වලට සමගාමීව ඔවුන්ගේ ප්‍රධානතම වැඩසටහන වන ‘Resilience Redefined: Leadership for a New Era’ තේමාව යටතේ නායකත්ව සමුළුවක් (Leadership Summit) පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. ඒ සඳහා ඩේවිඩ් ආකර් (David Aaker) සහ සංජීව් මේතා (Sanjiv Mehta) වැනි ගෝලීය වශයෙන් කීර්තිමත් විශේෂඥයන් රැසක් සහභාගී වීමට නියමිතය. වෙළෙඳපොළ තුළ සාර්ථකත්වය ලැබීමට පමණක් නොව සමාජයට අර්ථවත් යමක් එකතු කිරීමට කැමති සියලුම ව්‍යාපාරිකයන්ට සහ නවෝත්පාදකයන්ට මෙම සංසදය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ඔවුහු ආරාධනා කර සිටිති.














