අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ 2025 වර්ෂයේ ප්‍රගති වාර්තාවට අනුව, දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 214 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අතර හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, එස්.එම්. චන්ද්‍රසේන, ප්‍රසන්න රණතුංග සහ චාමර සම්පත් දසනායක යන අය ඇතුළුව දේශපාලනඥයන් 15 දෙනෙකු වන බව කොමිසම පවසයි.














