ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු 10% කට වඩා වැඩි අගයකින් ඉහළ නැංවීමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, පවතින ගාස්තු සූත්‍රයට අනුව මෙම මිල සංශෝධනය අත්‍යවශ්‍ය වී ඇති බැවින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ පෞද්ගලික බස් සංගම් දැඩි කලකිරීමට පත්ව සිටී. ඊයේ (22) දිනයේ සිටම මෙම මිල සංශෝධනය බලාපොරොත්තු වූ බවත්, බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් බස් සංගම් නියෝජිතයෝ පවසති. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අවධාරණය කළේ ගාස්තු ඉහළ දමන තෙක් බස් රථ ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.
අද දින කැබිනට් අනුමැතිය හිමි වුවහොත් නව බස් ගාස්තු සංශෝධනය වහාම ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














