රජය විසින් අද (15) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථයක් සඳහා සතිපතා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබේ. බලශක්ති අමාත්‍යාංශයේ මෙම තීරණයත් සමඟ පෞද්ගලික බස් රථ හිමියන් සහ සංගම් සිය දැඩි විරෝධය පළ කර සිටින්නේ, මෙම ප්‍රමාණය දිනකට ලීටර් 8කටත් වඩා අඩු අගයක් ගන්නා බැවිනි. විශේෂයෙන්ම දිගු දුර ධාවනය වන බස් රථ සඳහා මෙම කෝටාව එක් ගමන් වාරයකින් අඩක් සම්පූර්ණ කිරීමට පවා ප්‍රමාණවත් නොවන බව ඔවුහු පෙන්වා දෙති.
සාමාන්‍ය බස් රථයක් සඳහා ද මෙම ප්‍රමාණය උපරිම වශයෙන් දිනක හෝ දෙකක ධාවනයට පමණක් සෑහෙන බැවින්, පොදු ප්‍රවාහන සේවය සම්පූර්ණයෙන්ම අඩපණ වීමේ අවදානමක් මතුව ඇත. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුම් මාර්ග අවහිර වීම සහ අනීතික ලෙස ඉන්ධන රැස් කිරීමේ ජාවාරම් පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව රජය පවසයි. පවතින තෙල් සංචිත ප්‍රවේසම්කාරී ලෙස කළමනාකරණය කිරීම රජයේ අරමුණ වුවද, පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා දීමේ විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව ද බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.














