ඊයේ (24) දින රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (Overnight Policy Rate – OPR) 7.75% ක් ලෙසම ඉදිරියටත් පවතිනු ඇත. මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය සහ උද්ධමන ඉලක්කයන් සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි. පවතින ගෝලීය ආර්ථික අස්ථාවරත්වය සහ දේශීය වෙළෙඳපොළ තත්ත්වයන් මධ්‍යයේ වුවද, මූල්‍ය පද්ධතියේ සමබරතාවය ආරක්ෂා කර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.














