මැදපෙරදිග පවතින නොසන්සුන් වාතාවරණය හමුවේ වුවද දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අවධාරණය කරයි. රජයේ නිවාඩු දිනයක් වූ ඊයේ (01) දින පවා විශේෂ මෙහෙයුම් හරහා ඩීසල් ලීටර් මිලියන 1.3 කට අධික ප්‍රමාණයක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් මිලියන 2 කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බව සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත්, නිවෙස් තුළ අනීතික ලෙස ඉන්ධන රැස් කිරීම භයානක මෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එවැනි පුද්ගලයින් සොයා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.














