හික්කඩුව වෙරළ තීරයට ගොඩගසා ඇති තෙල් පටලයකින් සිදුවන පරිසර හානිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකාය (Coast Guard) අද (08) පස්වරුවේ සිට විශේෂ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. හික්කඩුව, නාරිගම සහ තොටගමුව යන ප්‍රදේශවල වෙරළ තීරයන් මෙලෙස තෙල් මිශ්‍ර වීමෙන් අපවිත්‍ර වී ඇති බව වාර්තා වේ.
සමුද්‍රීය පද්ධතියට සිදුවන බලපෑම අවම කිරීම අරමුණු කරගත් මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ද හිමිව ඇත. මෙම තෙල් පටලය මුහුදට මුදා හැරුණු ආකාරය හෝ ඒ පිටුපස ඇති නෞකාව පිළිබඳව මේ වන විට විමර්ශන ක්‍රියාත්මකය.














