ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ඉරාන නෞකාවට ප්‍රහාරයක් එල්ල කිරීම ශ්‍රී ලංකාව දැඩි අර්බුදයකට ඇද දැමීමට ගත් උත්සාහයක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ මෙම සිදුවීම පිටුපස මෙරට අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවයි.
අදාළ ඉරාන නෞකාව ඉන්දියාවේ විශාකාපට්නම්හි පැවති යුද අභ්‍යාසයක් සඳහා පැමිණි එකක් බවත්, එය ශ්‍රී ලංකා මුහුදු සීමාව දෙසට පැමිණියේ ඉන්දියාවෙන් ඉවත් වූ පසු බවත් ඔහු පෙන්වා දුන්නේය. ආරාධනා කර ගෙන්වා ගත් පිරිසකට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම “බලු වැඩක්” ලෙස හඳුන්වා දුන් මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් මෙවැනි ගැටුම්වලට පටලවා මරා දැමීමට උත්සාහ කිරීම අසාධාරණ බව වැඩිදුරටත් සඳහන් කළේය.














