අමෙරිකානු WTI (West Texas Intermediate) වර්ගයේ බොරතෙල් තොගයක් එළඹෙන මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තහවුරු කරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අද (06) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.
මෙම බොරතෙල් තොගය මෙරටට ගෙන්වා ගැනීම හරහා දේශීය පිරිපහදු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ පවතින බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල උච්චාවචනයන් හමුවේ මෙම බොරතෙල් තොගය මෙරටට ලැබීම ආර්ථික වශයෙන් ද වැදගත් වනු ඇත.













