ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අතුරු පාලක කමිටුවක් හෝ බලයලත් නිලධාරියෙකු යටතට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (05) ප්‍රකාශ කළේය. 2026 T20 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පසුබෑමත් සමඟ ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදුකළ යුතු බවට එල්ල වන මහජන ඉල්ලීම් සලකා බලමින් රජය මෙම පියවර ගෙන තිබේ.
මෙම ක්‍රියාවලිය සඳහා ජනාධිපතිවරයා ද සෘජුවම මැදිහත් වී සිටින බවත්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීම වළක්වා ගනිමින් විනිවිදභාවයකින් යුත් නව පරිපාලන ව්‍යුහයක් සකස් කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීම සහ ඉදිරි ජයග්‍රහණ තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණාත්මක මැදිහත්වීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














