අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රීෂියා ලසාරා පේගෝ (Patricia Lazara Pego) මහත්මිය අතර නිල හමුවක් ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වනු ලැබීය. මෙම හමුවේදී දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වූ අතර විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.
මීට අමතරව, දෙරටේ මානව සම්පත් සංවර්ධනය ඉලක්ක කර ගනිමින් දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සහ ධාරිතා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. කියුබාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය නව මුහුණුවරකින් ඉදිරියට රැගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශවයම සිය එකඟතාවය පළ කර සිටියහ.














