ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශය මඟින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව, මේ වන විටත් වැඩතහනමකට ලක්ව සිටින රේගු අධිකාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (23) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නිලධාරියා රුපියල් ලක්ෂ ගණනක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙලෙස කොටු වී ඇති බව වාර්තා වේ.
අදාළ රේගු අධිකාරිවරයා විසින් සිදු කරන ලද මූල්‍ය අවභාවිතයන් සහ දූෂිත ගනුදෙනු පිළිබඳව ලැබුණු තොරතුරු මත දීර්ඝ කාලයක සිට මෙම විමර්ශන ක්‍රියාත්මක විය. සැකකාර නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් කොමිසම මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














