ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ ‘දිට්වා’ (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ දේපළ හානි සහ ආර්ථික බලපෑම් පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙම මාර්තු මස අවසානයේදී නිකුත් කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විධිමත් පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ රාමුවක් යටතේ මෙම වාර්තාව සකස් කෙරෙමින් පවතී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් විසින් ලබාදුන් දත්ත මත පදනම්ව මෙම ඇගයීම් කටයුතු සිදු කෙරේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු වූ හානි ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, විපතට පත් වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසාධන (Recovery) සහ සහන සේවා අවශ්‍යතා පිළිබඳ නිර්දේශ මෙම වාර්තාව මගින් ඉදිරිපත් කිරීමට නියමිතය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇති මෙවන් මොහොතක, ස්වභාවික ආපදාවන්ගෙන් සිදු වූ හානි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම රජයේ ප්‍රමුඛතාවයක් වී තිබේ.













