දිට්වා (Ditwa) සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ජින් ඇල්ල ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (2026 මාර්තු 26) එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
කුණාටු සහිත කාලගුණය හේතුවෙන් නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 14ක් නායයෑමට සහ ගිලා බැසීමට ලක්ව තිබූ අතර දුම්රිය සේවකයින් සහ කොන්ත්‍රාත් සමාගම් එක්ව මේ වන විට ඉන් ස්ථාන 13ක වැඩකටයුතු සාර්ථකව නිම කර ඇත. දැනට ඉතිරිව පවතින ඇල්ජින් ඇල්ල ප්‍රදේශයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කිරීමට උපදෙස් දී ඇති අතර එම වැඩ නිම වූ වහාම නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය ගමනාගමනය යළි ආරම්භ කිරීමට නියමිතය.










