2025 නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘Ditwah’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්ත නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ ‘කර්මාන්ත පුනර්ජීවන පහසුකම් වැඩසටහනේ’ පළමු අදියර සාර්ථකව අවසන් කර තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ඊයේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මගින් ආපදාවට ලක්වූ කර්මාන්ත 43ක් සඳහා සහන සලසා ඇති අතර, ආපදා තක්සේරු කටයුතු සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීමට දායක වූ ස්වේච්ඡා විශේෂඥයින් ද මෙහිදී ඇගයීම2025 නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ ‘Ditwah’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කර්මාන්ත නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කළ ‘කර්මාන්ත පුනර්ජීවන පහසුකම් වැඩසටහනේ’ පළමු අදියර සාර්ථකව අවසන් කර තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ඊයේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය මගින් ආපදාවට ලක්වූ කර්මාන්ත 43ක් සඳහා සහන සලසා ඇති අතර, ආපදා තක්සේරු කටයුතු සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීමට දායක වූ ස්වේච්ඡා විශේෂඥයින් ද මෙහිදී ඇගයීම#LatestUpdatesට ලක් කෙරුණි.
මූලික තක්සේරු වාර්තා අනුව මෙම සුළි කුණාටුව හේතුවෙන් නිෂ්පාදන අංශයට රුපියල් බිලියන 33.96ක සමස්ත ආර්ථික හානියක් සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර, ඉන් රුපියල් බිලියන 10.2ක් අමුද්‍රව්‍ය සහ තොග සම්බන්ධ හානි ලෙස හඳුනාගෙන තිබේ. කර්මාන්තශාලා ජලයෙන් යටවීම සහ සැපයුම් දාම බිඳවැටීම හේතුවෙන් යන්ත්‍රෝපකරණවලට මෙන්ම ආදායම් මාර්ගවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම තත්ත්වයෙන් පීඩාවට පත් කර්මාන්තවල දිගුකාලීන සංවර්ධනය වෙනුවෙන් ‘කර්මාන්ත සංවර්ධන පෝෂණ වැඩසටහන’ නමින් නව ව්‍යාපෘතියක් ඉදිරියේදී දියත් කිරීමට ද රජය සැලසුම් කර ඇත.














