අද දින මෙරට ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර සමස්තයක් ලෙස ඩොලරයේ විකුණුම් මිල රුපියල් 317 සීමාවේ ස්ථාවරව පවතින බව පෙනී යයි. සෙලාන් බැංකුවේ ගැණුම් මිල රුපියල් 310.50 ක් සහ විකුණුම් මිල රුපියල් 316.25 ක් ලෙස නොවෙනස්ව පවතින අතර එන්.ඩී.බී. බැංකුවේ ගැණුම් මිල රුපියල් 311.25 දක්වාත් විකුණුම් මිල රුපියල් 317.75 දක්වාත් ඉහළ ගොස් තිබේ. මහජන බැංකුව වාර්තා කරන පරිදි ඩොලරයේ ගැණුම් මිල රුපියල් 310.88 ක් වන අතර විකුණුම් මිල රුපියල් 317.74 ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
කොමර්ෂල් බැංකුවේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙළින් රුපියල් 309.08 සහ රුපියල් 317.50 ලෙස ස්ථාවරව පවතින අතර සම්පත් බැංකුවේ ගැණුම් මිල රුපියල් 311.25 දක්වාත් විකුණුම් මිල රුපියල් 317.75 දක්වාත් ඉහළ දමා තිබේ. මෙම විනිමය අනුපාතික වෙනස්වීම් මෙරට ආනයන හා අපනයන ක්ෂේත්‍රවලට මෙන්ම විදේශ ප්‍රේෂණ ලැබීම් කෙරෙහි ද සෘජු බලපෑමක් ඇති කරනු ඇත. මහ බැංකුවේ මැදිහත්වීම සහ වෙළෙඳපොළ ඉල්ලුම මත ඉදිරි දිනවලදී මෙම අගයන්හි තවදුරටත් වෙනස්වීම් අපේක්ෂා කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















