දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ මැයි හෝ ජූනි මාසය වනවිට මෙරටට සුපුරුදු වර්ෂාපතනය ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. අද (06) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ නිරිතදිග මෝසම් තත්ත්වය ආරම්භ වීමත් සමඟ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර අප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බැවින් අද දහවල් 12:13ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් විය. පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ බැස ඇති අතර ඒ හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ද පියවර ගෙන තිබේ.
ඒ අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද (06) රාත්‍රී 08 සිට හෙට (07) උදෑසන 08 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. මීට අමතරව මඩකලපුව ප්‍රදේශයේ පවතින දැඩි ජල හිඟය කළමනාකරණය සඳහා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් නව ජල බවුසර් රථයක් පරිත්‍යාග කිරීමට ද පියවර ගෙන තිබේ.














