පවතින දැඩි වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ මේ දක්වා කාලය තුළ ලැව්ගිනි සිදුවීම් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අනතුරු ඇඟවූයේ ඉදිරියටත් මෙම වියළි කාලගුණය පැවතුණහොත් ලැව්ගිනි වාර්තා වීම තවදුරටත් ඉහළ යා හැකි බවයි.
කාලගුණික විපර්යාසයන්ගෙන් සිදුවන බලපෑම් අවම කර ගැනීමට සහ පරිසරය සුරැකීමට ලැව්ගිනි පාලනය කිරීම අතිශය තීරණාත්මක වන බැවින්, වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.














