දිවයින පුරා ක්‍රියාත්මක දැවැන්ත මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම යටතේ 2025 ඔක්තෝබර් 30 සිට 2026 මාර්තු 12 දක්වා කාලය තුළ සැකකරුවන් 120,752 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඉන් සැකකරුවන් 2,229 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර 1,816 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.
මෙම මෙහෙයුමේදී ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,926කට අධික ප්‍රමාණයක්, හෙරොයින් කිලෝග්‍රෑම් 931ක් සහ මත්පෙති 980,000කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව කොකේන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය වැටලීම් ද සාර්ථකව සිදු කර ඇති බව පොලිස් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.














