මෙරට තුළ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ සුළු පරිමාණ අලෙවිය සම්බන්ධයෙන් දිනපතා දහස් ගණනින් සැකකරුවන් අත්අඩංගුවට ගත්තද, ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලබන්නේ විදේශගතව සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් පස්දෙනෙකු (05) විසින් බව පොලිසිය අනාවරණය කර තිබෙනවා
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේ මෙම මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන්නන් පස්දෙනාම ශ්‍රී ලාංකිකයන් වන අතර ඔවුන් දැනට ඩුබායි සහ යුරෝපීය රටවල සිට සිය ජාලයන් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් මෙරට සිටින සිය ගෝලයන් සමඟ සන්නිවේදනය සඳහා අතිශය රහස්‍ය (Encrypted) සන්නිවේදන පද්ධති භාවිත කරන බව ද හෙළි වී තිබෙනවා
මෙම ජාවාරම්කරුවන් ඔවුන් පදිංචිව සිටින රටවල ඉහළ පෙළේ පුද්ගලයන් සමඟ ප්‍රබල සබඳතා ගොඩනඟාගෙන ඇති අතර සමහරුන් ද්විත්ව පුරවැසිභාවය ද ලබාගෙන සිටිනවා මේ හේතුවෙන් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම නීත්‍යානුකූලව අතිශය දුෂ්කර වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙනවා සාමාන්‍යයෙන් මාධ්‍ය මඟින් නිතර ප්‍රසිද්ධ වන්නේ මෙරට තුළ මත්ද්‍රව්‍ය බෙදාහරින බිම් මට්ටමේ පුද්ගලයන්ගේ නම් පමණක් වුවත්, සැබෑ මහමොළකරුවන් තවමත් සැඟවී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා
විමර්ශනවලට අනුව මෙම ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍යවලින් උපයන කළු සල්ලි විශුද්ධිකරණය කිරීම (Money Laundering) සඳහා ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ සංචාරක ව්‍යාපාර සහ හෝටල් පවත්වාගෙන යනවා ඉන් එක් ප්‍රධාන සැකකරුවෙකුගේ පුතුන් දෙදෙනෙකු මෙරට නගර සභාවක මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත්, තවත් ජාවාරම්කරුවෙකු වෙරළබඩ ප්‍රදේශවල සිටින අඩු ආදායම්ලාභී පුද්ගලයන්ගේ නම්වලින් මහා පරිමාණ ව්‍යාපාර ලියාපදිංචි කර පවත්වාගෙන යන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා














