2019 වසරේ එල්ල වූ පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බවත්, එය 2017 වසරේ සිට ක්‍රමානුකූලව සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක් බව විමර්ශන මගින් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ප්‍රහාරය පිටුපස ඇති සැබෑ කුමන්ත්‍රණකරුවන් සහ ඊට අදාළ ජාලය පිළිබඳව නව විමර්ශන කණ්ඩායම් මේ වන විට පුළුල් ලෙස කරුණු අනාවරණය කර ගනිමින් සිටින බවයි. යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය යටතේ මෙහි සැඟවුණු පාර්ශවයන් නීතිය හමුවට පැමිණවීමට රජය කැපවී සිටින බවද ඔහු අවධාරණය කළේය.














