පසුගිය 2025 වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%ක ස්ථාවර වර්ධනයක් අත්කර ගෙන ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි. 2024 වසරේදී ද මෙරට ආර්ථිකය 5.0%ක වේගයකින් වර්ධනය වී තිබීම විශේෂත්වයකි.
පවතින ඉරාන යුද වාතාවරණය සහ දිට්වා (DITVA) බලපෑම් හමුවේ වුවද 2025 වසරේ සිව්වන කාර්තුව තුළ 4.8%ක වර්ධනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත
වාර්ෂික උද්ධමනය 3.6%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඒ අනුව නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751 දක්වා 8.7%කින් වර්ධනය වී තිබේ
රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 4,909 දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත මගින් තහවුරු වේ
කෙසේ වෙතත් වත්මන් ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ 2026 වසරේදී මෙම ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගැනීම දැඩි අභියෝගයක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති
මෙම වර්ධනයත් සමඟ රජයේ ප්‍රාග්ධන වියදම් සහ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව පැවති ඇතැම් මතභේදාත්මක කරුණු ද නිරාකරණය වී ඇති බව වාර්තා වේ














