රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) කැමැත්ත පළ කර තිබේ. අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් අතර අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවන්ට එළඹ ඇත.
උසස් පෙළ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විෂයමාලා සැකසීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු විය. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම මෙන්ම සමස්ත අධ්‍යාපන අංශයේ කළමනාකරණ සැලැස්ම විධිමත් කිරීම කෙරෙහි ද දෙපාර්ශවයේම අවධානය යොමු වී තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් මෙන්ම ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහිත තාක්ෂණික සහාය ලබාදීමට ද ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී පොරොන්දු වී ඇත.














