නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී අනාගත දරු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ දේශපාලන අරමුණකින් තොර එකක් බවත්, එය සාර්ථක කර ගැනීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවත් ලේකම්වරයා අවධාරණය කළේය.
සාකච්ඡාවේදී පළමු ශ්‍රේණිය සඳහා නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය, 2026 වසරේ වැඩ සැලසුම් සහ 2027 වසර සඳහා වන සූදානම දීර්ඝ ලෙස සාකච්ඡා විය. විෂය මාලා සංවර්ධනය, මානව සම්පත් සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පත් කර ඇති අනුකමිටුවල ක්‍රියාකාරීත්වය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.














