විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය විසින් අලුතින් පිහිටුවන ලද ‘ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා’ සහ ‘නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක්’ යන සමාගම් දෙක මගින් විදුලි සේවකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල ක්ෂේත්‍රයේ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, වහාම ක්‍රියාත්මක වන පරිදි සිය රාජකාරිවල නිරත වන ලෙස එම සමාගම් සේවකයින්ට දැනුම් දෙයි.
මෙම නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝනය කරමින් රාජකාරිය පැහැර හැරීම බරපතළ වරදක් වන අතර, එවැනි සේවකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. සියලු සේවකයින් සඳහා නව පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී ඒවා නිල වශයෙන් ලබාදීමට පියවර ගන්නා බවත් අදාළ සමාගම් වැඩිදුරටත් සඳහන් කර තිබේ. දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති මෙවන් මොහොතක, සේවා පැහැර හරින සේවකයින්ට එරෙහිව පාලනාධිකාරිය දැඩි ස්ථාවරයක පසුවන බව මෙයින් පැහැදිලි වේ.














