අඹන්පොළ, කාසිකොටේ ප්‍රදේශයේ අද (28) අලුයම එල්ල වූ දරුණු වන අලි ප්‍රහාරයකින් කිරි ගවයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. ප්‍රදේශයේ කිරි ගොවීන් දෙදෙනෙකුට අයත්, කිරි ගැනීම සඳහා ගාල් කර සිටි ගවයින් නව දෙනෙකු මෙලෙස වන ඇතෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඉන් ඉතිරි වූ ගවයින් දෙදෙනා ද බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ.
මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් තම එකම ජීවනෝපාය අහිමි වූ ගොවි පවුල් දැඩි අසරණභාවයට පත්ව සිටින අතර, ප්‍රහාරයෙන් සිදුවූ දේපළ හා සත්ව හානිය පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ පවතින උග්‍ර වන අලි තර්ජනය හමුවේ තම ජීවිත සහ වගාවන් ආරක්ෂා කර ගැනීමට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස කාසිකොටේ ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.
















