මැදපෙරදිග පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැඩි අවධානයෙන් සහ පරෙස්සමෙන් කටයුතු කරන ලෙස සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී. නිල තොරතුරු මූලාශ්‍ර පමණක් විශ්වාස කරන ලෙසත්, සෞදි බලධාරීන්ගේ සහ තානාපති කාර්යාලයේ උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසත් ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් දී තිබේ.
තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත්, ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙසත් තානාපති කාර්යාලය වැඩිදුරටත් දන්වා ඇත. හදිසි අවස්ථාවකදී සම්බන්ධ කර ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක ද ලබා දී තිබේ.














