හදිසි නීති තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව වැඩි ඡන්ද 110කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 137ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 27ක් ප්‍රකාශ විය.
ඡන්ද විමසීම පැවැති අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සභා ගර්භයේ රැඳී නොසිටි බව වාර්තා වේ. යොහාන් පෙරේරා සහ අජිත් සිරිවර්ධන යන මහත්වරුන් වාර්තා කළ පරිදි, මෙම අනුමැතියත් සමඟ දිවයින පුරා පනවා ඇති හදිසි නීති රෙගුලාසි තවදුරටත් බලාත්මක වනු ඇත.














