මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි බලපෑම කළමනාකරණය කරගැනීම සඳහා රජය ප්‍රකාශයට පත් කළ විශේෂ බලශක්ති ඉතිරිකිරීමේ නිවාඩු දිනය අද (මාර්තු 25) දින ද ක්‍රියාත්මක වේ. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම සහ ගෝලීය තෙල් මිල ඉහළ යාම හමුවේ දේශීය ඉන්ධන සහ විදුලි පරිභෝජනය අවම කරගැනීම මෙම පියවරෙහි මූලික අරමුණයි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටින්නේ පවතින මෙම ගෝලීය අර්බුදය හමුවේ රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා සියලුම පුරවැසියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.
මෙම නිවාඩු දිනයන්හිදී අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත්, නිවෙස්වල සහ කාර්යාලවල විදුලි පාරිභෝජනය අවම මට්ටමක පවත්වා ගන්නා ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් සැපයුම් ජාලයන්හි ඇති වී තිබෙන අවහිරතා මධ්‍යයේ ඉන්ධන තොග කළමනාකරණය කරගැනීමට මෙම ක්‍රියාවලිය විශාල පිටුවහලක් වනු ඇත. රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙරට සංචාරය හරහා සහනදායී බලශක්ති විසඳුම් ලැබෙන තෙක් මෙවැනි සීමා කිරීම් හරහා පවතින සංචිත ආරක්ෂා කරගැනීමට රජය බලාපොරොත්තු වේ.














