බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව ලබන 18 වනදා කථානායකවරයා වෙත භාර දීමට නියමිතය. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මේ බව තහවුරු කළේය.
අමාත්‍යවරයාට එරෙහිව ප්‍රධාන චෝදනා දෙකක් පදනම් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු සහ ආනයනික ගල්අඟුරුවල ප්‍රමිතිය පිළිබඳව මෑතකදී ඇති වූ කතාබහ මෙම යෝජනාවට හේතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඊයේ රාත්‍රියේ පැවැති රූපවාහිනී සංවාද වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද ප්‍රකාශ කළේ, ලබන බදාදා (18) දින මෙම යෝජනාව කථානායකවරයා වෙත නිල වශයෙන් භාර දීමට කටයුතු කරන බවයි.














