නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ගල් අඟුරු සැපයුමේ ගැටලු පවතින බවත්, ඒ හේතුවෙන් අප්‍රේල් මාසයේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවටත් පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි. අද (07) විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, බලාගාරය සඳහා ඇණවුම් කර ඇති ගල් අඟුරු නැව් 36න් නැව් 22ක් මේ වන විටත් ගොඩබා අවසන් බවත් බලාගාරය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය.
ඉතිරි ගල් අඟුරු නැව් ද අඛණ්ඩව සැපයීමට සැපයුම්කරු පොරොන්දු වී ඇති අතර, අවශ්‍ය වුවහොත් හදිසි ගල් අඟුරු ලබාගැනීමට ද මූලික පියවර ගෙන ඇති බව රජය පවසයි. එසේම විදුලි උත්පාදනයට අවශ්‍ය ෆර්නස් ඔයිල් (Furnace Oil) තොග ද අප්‍රේල් මස අවසානය දක්වා ප්‍රමාණවත් පරිදි පවතින බැවින්, කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවට අමාත්‍යාංශය සහතික වෙයි. ඒ අනුව මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















