ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යුරෝපීය වෙළෙඳපොළ තුළ තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නෙදර්ලන්තයේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් මේ දිනවල මෙරට විශේෂ ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටිති. සංචාරක ක්ෂේත්‍රයට අදාළ මෙරට ව්‍යාපාරික සහ සේවා කටයුතු පිළිබඳව ප්‍රායෝගික අධ්‍යයනයක නිරත වන මෙම කණ්ඩායම ඊයේ (03) කොළඹ නගරයේ සංචාරය කරමින් එහි ඇති සුවිශේෂී සංචාරක ස්ථාන නැරඹීමට එක් වූහ.
මෙම සිසුන් පිරිස මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පවතින විභවතාවන් පිළිබඳව ලබාගන්නා අත්දැකීම් යුරෝපීය රටවල් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ආකල්පයක් ඇති කිරීමට සහ ප්‍රවර්ධන කටයුතු සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔවුන්ගේ මෙම සංචාරය තුළදී කොළඹට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රධාන සංචාරක කලාප වෙත ද ගමන් කිරීමට සැලසුම් කර තිබේ.














