පවතින ඉන්ධන අර්බුදය හමුවේ වුවද කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගොවීන්ට සහනදායී ලෙස ඉන්ධන ලබාදීමට විශේෂ තීරණයක් ගත් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, අක්කරයක අස්වනු නෙළීමේ කටයුතු වෙනුවෙන් එක් ගොවියෙකුට ඉන්ධන ලීටර් 15 බැගින් ලබාදීමටත්, කුඹුරු සීසෑමේ කටයුතු සඳහා අක්කරයකට ඉන්ධන ලීටර් 20 බැගින් ලබාදීමටත් රජය තීරණය කර ඇත. මෙම වැඩපිළිවෙළෙහි පවතින සුවිශේෂීම සහනය වන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාගැනීමේදී සාමාන්‍ය පාරිභෝගිකයන්ට පනවා ඇති QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය නොවීම බව ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා අවධාරණය කළේය.
මේ හරහා අස්වනු නෙළන කාලසීමාවේදී ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු මඟහැරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අදාළ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම පහසුකම ලබාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.














