මෙරට ධීවර ප්‍රජාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට විසඳුමක් ලෙස ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම නව සහන ක්‍රමය යටතේ කුඩා ධීවර බෝට්ටු සඳහා ඉන්ධන ලීටරයකට රුපියල් 50ක සහනයක් හිමිවන අතර, බහුදින ධීවර යාත්‍රා සඳහා එක් මුහුදු සංචාරයක් වෙනුවෙන් රුපියල් 150,000ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.
ධීවර අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම ඉන්ධන සහනාධාර වැඩපිළිවෙළ එළඹෙන අප්‍රේල් මස 20 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. පවතින වියදම් හමුවේ ධීවර කර්මාන්තය පවත්වාගෙන යාමට අපහසුව සිටි ධීවරයන්ට මෙම පියවර විශාල සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














